April 25, 2024

රංජන් වැසිකිලි හෝදන්න දාලා - ඔන්චිල්ලාව ඒ පැත්තට ගියොත් මේ පැත්තටත් එන බව රත්වත්තේ මතක තියාගන්න (VIDEO)

February 25, 2021

ඔන්චිල්ලාව ඒ පැත්තට ගියොත් මේ පැත්තටත් එන බව ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා මතක තියා ගත යුතු බවට දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා අනතුරු අඟවයි.

සමගි ජන බලවේගය නියෝජනය කරන වෙදආරච්චි මන්ත්‍රීවරයා මෙම අනතුරු ඇඟවීම කරන්නේ සිරගත කොට සිටින රන්ජන් රාමනායක මහතා කිසිදු පහසුකමක් ලබා නොදීම මුල් කොටගෙනය.

පසුගිය දිනක රාත්‍රී දහයට පමණ බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ නිලධාරියෙකුට දුරකථන ඇමතුමක් ගෙන රන්ජන්ය රාමනායක මහතාව සම්බන්ධ කරගෙන ඉතා අශෝභන ලෙස කතා කළ බවත් නිදහස් වීමට අවශ්‍ය නම් ආණ්ඩුවට එක්වන ලෙස යෝජනා කළ බව රංජන් රාමනායක මහතා තමන්ට ප්‍රකාශ කළ බව ද වෙදආරච්චි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රංජන් රාමනායක මහතාව මේ වන විට වැසිකිළි සේදීම ඇතුළු වැඩ වලට යොදවා ඇති බව පෙන්වා දෙන වෙදආරච්චි මන්ත්‍රීවරයා රන්ජන් රාමනායක මහතාට ලබා දියයුතු පහසුකම් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක්ද කරයි.

රංජන් රාමනායක මහතා වෙනුවෙන් රටම පාරට බස්සන තැනට කටයුතු සලස්වා නොගන්නා ලෙසද වෙදආරච්චි මන්ත්‍රීවරයා ආණ්ඩුවට අවවාද කිරීමක්ද කරයි.

දිලිප් වෙදාරච්චි මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 February 2021 12:54