April 16, 2024

පාස්කු ප්‍රහාරය විදෙස් හස්තයක්දැයි සැකයක්

February 25, 2021

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට විදෙස් මැදිහත්වීමක් ඇත්දැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශනයක් පවත්වන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සදහා පත්කරන ලද ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කලින් දැනුවත්ව නොසිටි බව කොමිෂන් සභා වාර්තාවෙන්ද ඔප්පු වී ඇතැයි රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන බව "අරුණ " වාර්තා  කොට තිබුනා. 

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් වූ පෙරේදා (23 වැනිදා) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී හමු වී තිබෙන බවට ප්‍රකාශ වුනා. 

ඒ අගමැති මහින්ද රාජපක්ෂගේ ආරාධනාවකට අනුව පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වෙනුවෙන් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයේදීය.

එහිදී හිටපු අගමැති රනිල් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා වැඩබලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස පත් කර නොතිබුණු බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව ඇතැයි හිටපු අගමැති රනිල් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන බව වාර්තා වුනා . 

Rate this item
(0 votes)