April 24, 2024

විමල් වීරවංශ වගේ මහත්තයෙකුට පොඩි කබ්බෙක් දාලා ගහනවා - ඥානසාර හිමියන් කියයි

February 24, 2021

වසර පහෙන් පහට ආණ්ඩු වෙනස් වුවත් රජයේ ලේකම්වරුන්ගේ වෙනසක් සිදුවී නොමැති බව ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් පවසා සිටිනවා . උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ ජනාධිපති වරුන් කිහිප දෙනෙකු පත් වුවත් ජනාධිපති ලේකම් වරුන් මෙතෙක් වෙනස් නොමැති වී ඇති බවයි . මෙම සමහර නිලධාරීන් වෙනත් දේශපාලන ප්‍රවාහයන් සමග සම්බන්ද වී ඇති පසුබිමක රටෙහි දියුනුවට එම නිලධාරීන් ඉඩ නොදෙන බව ප්‍රකාශ කර සිටියා.
ආණ්ඩුව තුළ බළ අරගලයක් ඇති බවත්, තිරෙන් පිටුපස සිට නූල් සුත්තර අදින පිරිසක් විසින් ජනාධිපතිවරයාට රටේ පාලනය සිදුකරගෙන යාමේ අවස්ථාව අහිමි කරමින් සිටින බවත් ඔවුන්ගේ බලය තබා ගැනීම වෙනුවෙන් එකිනෙකා කා කොටා ගැනීමට සලස්වා ඇති බවත් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් මෙසේද පැවසීය.

“දැන් අර විමල් වීරවංශ වගේ මහත්තයෙකුට අර නිකන් කොහේද යන සාගර කාරියවසම් කෙනෙක් දලා ගස්සනවා.. සාගර කාරියවසම් කියන්නේ කවුද අනේ. මේ ජාතික වැඩසටහනක මම නම් ජීවිතේට දැකලා නෑ .. කොහේ හිටිය කබ්බෙක්ද ඒ්. ‌ පොඩි කබ්බෙක් දාලා අර මිනිහට ගහනවා. විමල්ලා මේ රටේ දේශපාලන හැඩතලයක් තියෙන වෙනම කියවීමක්නේ. එහෙම වෙනකොට අපිට පේනවා මේක ඇතුලේ තියෙන බලඅරගලය.''

Rate this item
(1 Vote)