April 19, 2024

මෛත්‍රී අවුලක! වහාම ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවයි

February 24, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (24) සවස කැඳවීමට එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පැවරීමට ඇති හැකියාව සොයා බලන ලෙසට කරන ලද නිර්දේශයෙන් අනතුරුව මෙම මධ්‍යම කාරක සභාව රැස්කිරීම විශේෂ සිදුවීමකි.

මීට අමතරව හෙට (25) දිනයේදී පක්ෂයේ විධායක සභාව කැඳවීමටද මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසන්නේ පාස්කු ප‍්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න සොයා බැලීමට හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසමක් පත් කළද එම කොමිසමේ කාර්යයභාරය පසුව වෙනස් වී ඇති බවයි.

පක්‍ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසූවේ අද පස්වරුවේ පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පාස්කු කොමිසම ඉදිරිපත් කළ නිර්දේශ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

Rate this item
(0 votes)