April 24, 2024

පකිස්තාන අගමැති ඉන්දීය දේශ සීමාවට පිටතින් මෙරටට ආවේ ඇයි?

February 24, 2021

පාකිස්තාන ගුවන් හමුදාවට අයත් පී.ඒ.කේ.- 2 නමැති විශේෂ ගුවන් යානයෙන්  පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ඊයේ (23) සවස 4.00ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම විශේෂ ගුවන් හමුදා යානය ඉන්දීය දේශසීමාවේ පිහිටි ගොඩබිම සහ සාගර කලාප වෙත ඇතුළු නොවී ඉන් පිටත පිහිටි සාගර කලාපය තරණය කරමින් ශ‍්‍රී ලංකාව වෙත පැමිණීම විශේෂත්වයකි.
 
සාමාන්‍ය මගී ගුවන් යානා ඉන්දීය දේශසීමා ඔස්සේ පාකිස්තානය වෙත යෑම සිදු කළද මෙම ගුවන් යානය එම දේශසීමා මගහැර පැමිණ තිබුණි. පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් වන ප‍්‍රසන්න රණතුංග, අලි සබ්රි, ඞී.වී. චානක, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා සමග එරට රජයේ දූත පිරිස ලෙස 41 දෙනෙක්ද පැමිණ සිටිති.
 
එම ප්‍රවෘත්තිය ඇතුළත් "බුද්ධික වික්‍රමාදර සමඟ පත්තරමේන්තුව" වැඩසටහනේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 February 2021 15:28