April 20, 2024

සචින් තෙන්ඩුල්කාර් වැඩ බැරි පුතා ගොඩදාන්න බරටම වැඩ - මහේලගෙනුත් තල්ලුවක්

February 24, 2021

සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර්ව එළදෙන IPL තරගාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් පිල ඔහුගේ මූලික වටිනාකමට (base price) මිලදී ගෙන තිබේ.

එනම් ඉන්දීය රු ලක්ෂ 20 ටය. ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 46ක් වෙයි.

21 වැනි වියේ පසුවන අර්ජුන් තෙන්ඩුල්කාර් වමත් වේගපන්දු යවන්නෙකු වන අතර ඉතා දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන කැපී පෙනෙන වාර්තාවකට හිමිකම් නොකියන ක්‍රීඩකයෙකි.

පියා වූ සචින් තෙන්ඩුල්කාර් සිය පුත්‍රයාගේ ක්‍රිකට් අනාගතය ගොඩ නැංවීමට කෙතෙකුත් උත්සාහ කළ ද එය මෙතෙක් අසාර්ථක වී තිබේ.

එංගලන්තයේ ගෞරවනීය මෙල්බර්න් ක්‍රිකට් සමාජයේ තරුණ කණ්ඩායමටද බඳවා සිය පුත්‍රයාගේ දස්කම් දියුණු කිරීමට උත්සාහ කළ ද එයද අසාර්ථක වී තිබේ.

මේ තත්ත්වය මත අර්ජුන් තෙන්ඩුල්කාර්ව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සම්බන්ධ කර ගැනීම පිළිබඳව හේතු දැක්වීමට ද එහි කළමනාකාරීත්වයට මෙන්ම පුහුණුකරුවන්ට සිදුව තිබේ.

අර්ජුන් තෙන්ඩුල්කාර්ව මුම්බායි ඉන්ඩියන්ස් පිලට සම්බන්ධ කරගැනීම පිළිබඳව එහි ප්‍රධාන පුහුණුකරුවන මහේල ජයවර්ධන සඳහන් කොට තිබෙන්නේ අර්ජුන් තෙන්ඩුල්කාර් මුම්බායි ඉන්ඩියන්ස් පිලට සම්බන්ධ කරගත්තේ තනිකරම ඔහුගේ දක්ෂතාවය මත පදනම්ව මිස ඔහුගේ පියා වූ සචින් තෙන්ඩුල්කාර්ගේ බලපෑම හෝ හිතවත්කම මත නොවන බවය.

සචින් තෙන්ඩුල්කාර් මුම්බායි ඉන්දියන්ස් පිලේ මඟ පෙන්වන්නා ලෙස (mentor) ලෙස කටයුතු කරයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 24 February 2021 13:59