March 29, 2024

දේවහන්දියේ ශ්‍රී පඤ්ඤාසේකරාභිධාන නායක මාහිමිපාණන් අපවත් වෙයි

February 24, 2021

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ රජමහා විහාර පාර්ශවයේ උපාධ්‍යාය කොළඹ නවකෝරලයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති, ධර්මශාස්ත්‍රශිරෝමණී, බෞද්ධ දර්ශන විශාරද, ධර්මශාස්ත්‍රශූරි, දේවහන්දියේ ශ්‍රී පඤ්ඤාසේකරාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ ඊයේ (23) අපවත් විය.

අපවත් වන විට උන්වහන්සේ 86 වන වියේ පසුවිය.

උන්වහන්සේ ගල්නෑව ඉහළ කලන්කුට්ටිය ශ්‍රී මණ්ඩලාරාමය, කොළඹ 08 කෝට්ටේ පාරේ ශ්‍රී ජයවර්ධනාරාමය, මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරය, කෝට්ටේ ශ්‍රී නාග විහාරය යන විහාරස්ථානවල විහාරාධිපති පදවි දැරිය. 

Rate this item
(0 votes)