April 14, 2021

මහා වංශ පුස්කොළපොත ලෝක උරුමයක් බවට පත්වෙයි.

February 24, 2021

පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ ඇති මහා වංශයේ සියලු කොටස් කිසිදු අඩුවකින් තොරව අන්තර්ගතව තිබෙන පුස්කොළ පොත් එකතුව පරීක්ෂා කිරීමට පැමිණි යුනෙස්කෝ සංවිධාන නියෝජිතයින් ඒ පිළිබඳ සෑහිමකට පත්ව මහා වංශය පුස්කොළ පොත යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම්කර කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා. 
 
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පොත් එකතුවට වසර 100 ක් පිරීම නිමිත්තෙන් ඊයේ  (23) විශ්වවිද්‍යාල පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී උපකුලපතිවරයා මේ බව ප්‍රකාශ කොට තිබෙනවා. 
 
මහා වංශය පුස්කොළ පොත යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක එහිදි සදහන් කළේය.

Rate this item
(1 Vote)