April 24, 2024

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අද ජනපති හමුවෙයි

February 24, 2021

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවීමට නියමිතයි.

ඉන් පසුව පෙරවරු 10.30 ට පමණ ජනපතිවරයා සහ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ද්විපාර්ශවික සාකච්ඡාවෙන් අනතුරුව පකිස්ථාන ආග්‍රාමාත්‍යවරයා කොළඹදී පැවැත්වෙන වෙළෙඳ හා අයෝජන සමුළුව ඇමතීමට නියමිතයි.

ඉන් අනතුරුව දිවා ආහාරය ගැනීමෙන් පසු අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී අනතුරුව පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

Rate this item
(0 votes)