April 20, 2024

"අපි ඕන දේකට ලැහැස්තියි" - ඥානසාර හිමි යළි කරළියට! පාස්කු නිර්දේශයේ සැකයක් ගැන හෙළි කරයි

February 24, 2021

පාස්කු කොමිසමට අදාළ වාර්තාවේ කුමක් හෝ යමක් සිදුවී තිබෙන බවට සැකයක් තිබෙන බවත් නොවිය යුත්තක් සිදුවී තිබෙන බවත් බොදු බල සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ පාස්කු කොමිසමේ කැකිල්ලේ තීන්දුව මැයෙන් ශාසනාරක්ෂක සභාව කොළඹදී ඊයේ (23) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි,

"පාස්කු කොමිසමේ මම සාක්ෂි දෙන හතරවැනි හෝ තුන්වැනි දවසේ කොමිසමේ සාමාජිකයෙක් මගෙන් අහනවා ඔබ කවුරු ගැනද ඔය කියන්නේ කියලා. මම කිව්වා නම කියන්න පුළුවන් හැබැයි ආය හිරේ දායිද දන්නේ නෑ කියලා. එහෙනම් ලියලා දෙන්න කිව්වා. ලියලා දුන්නා. මට ඒක ගැන සැකයි. මොකද ඒ පුද්ගලයාගේ නම දුන්නා නම් දුන්නේ මම විතරයි. විල්පත්තුව ප්‍රශ්නයට.

ඒ වගේම තව සැකයක් තිබෙනවා. මම කිව්වා අලි සබ්රි මහත්තයාගේ ගුරුවරයා ඔස්තාක් මන්සූර් කියලා. අධිකරණ ඇමැතිගෙන් ප්‍රවේශම් වෙන්න වෙයි මොකද ඔහුගේ මේ ගුරුවරයා වහාබ් දේශකයෙක් වූ අයෙක්. ඔහු ගැන කොමිසමේදී සඳහන් වෙලා තිබෙනවා ඒකයි මම කිව්වේ නොවිය යුත්තක් වෙලා තියෙනවා කියලා. මේ රටේ සමහර සිද්ධීන් දේශපාලනය සඳහා පාවිච්චි කරනවා. සමහර සිද්ධීන් දේශපාලනික වශයෙන් වාසි ලබාගැනීම සඳහා නිර්මාණය කරනවා. අලුත්ගම සිද්ධිය ඇතුළු සිද්ධීන් ගණනාවක් පසුගිය කාලයේදී සිදුවුණා. මේක මහා අශිෂ්ට දේශපාලන ක්‍රමවේදයක්.

"බොදුබල සේනා සංවිධානය තහනම් කිරීමට අදාළ නිර්දේශ අපි තවමත් දැක්කේ නෑ. නමුත්,එය දැකපු අය එහි තිබූ යම් යම් කරුණු පිළිබඳව අපි දැනුවත් කරනු ලැබුවා. එහි තියෙනවලු බොදු බල සංවිධානය තහනම් කරන්න කියලා. එය මෝනින් පුවත්පතෙන් අපි දැක්කා. අනාගත දේශපාලන බල වුවමනාව සඳහා පුදුම දේවල් සිදුවන තැනක්නේ මේ. ඝෘජුවම මෙම ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් සමග එකතු වෙලා මේක විකෘතියක් කරාද කියලා කවුද දන්නේ. මොකද සිංහල සංවිධාන ගැට ගහලා දාපුවාම වැඩේ ඉවරයිනේ. අපි ඕන දේකට මුහුණ දෙන්න ලැහැස්තියි." යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

Rate this item
(0 votes)

Related items