April 26, 2024

රෝහලෙන් පැන ගිය රෝගියාට කොරෝනා

February 23, 2021

කොවිඩ් බවට සැක සහිත රෝගීන් සිටින ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු පී.සී.ආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර එයින් පැන පලාගොස් ඇතැයිද, ඔහු ආසාදිතයකු බව අද තහවුරු වීමෙන් පසු, ඇඹිලිපිටිය නව නගරයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන යළි රෝහල් ගත කළ බවද, ඇඹිලිපිටිය පොලීසිය පැවසුවේය.
 
කුට්ටිගල, තෝරගල, පදලංගල ලිපිනියේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු එක්ව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
 
සැකකාර තරුණයා පසුගිය 20දා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ කොවිඩ් රෝග ලක්‍ෂණ පෙන්නුම්කරන රොගීන් ඇතුළත් කරන වාට්ටුවට ඇතුල්කර තිබුණි. 22දා ඔහු පීසීආර් පරීක්‍ෂණයකට ලක් කර තිබේ. එදින රාත්‍රියේ ඔහු නේවාසිකව සිටි වාට්ටුවෙන් පැනගොස් තිබුණි.
 
පසුදින එනම් අද දහවල් ඔහුගේ පීසීආර් වාර්තාව ලැබී තිබුණි. එහිදී ඔහුට කෝවිඩ්-19 ආසාදිත බව තහවුරුව තිබුණි. ඒවනවිට ඔහු රෝහලෙන් පැනගොස් සිටි නිසා පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කළ සොයාබැලීමකදී ඇඹිලිපිටිය නව නගරයේ නිවසක සැඟව සිටින බවට දැනගන්නට ලැබී ඇත. ඒ අනුව තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණි.

Rate this item
(0 votes)