පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට නිල වශයෙන් ඉදිරිපත් කළා . මෙහි සමහර පිටුවල දුරකථන ඡායාරූප හරින් ප්‍රනාන්දු මහතා තම මුහුණු පොතෙහි පල කොට තිබුනා. එහි දැක්වෙන්නේ පාස්කු ප්‍රහාරයට අදාල වගකිවයුත්තන් පිලිබදවයි . පසුගිය දිනවල දැනගැනීමට ලැබුණු තොරතුරු අනුව පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව මුද්‍රණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 10 ක් පමණ වැයකොට ඇති අතර සැම පිටපතකම අධාල පිටපත කාගේ පිටපත දැයි වෙනම මුද්‍රණය කොට තිබෙනවා . හරින් ප්‍රනාන්දු මන්ත්‍රී වරයා ඡායාරූප පල කොට තිබුනේ " ජනාධිපතිවරයාගේ ලේකම්තුමාගේ කොපිය" ලෙස මුද්‍රණය කොට තිබු පිටපතින් .