April 24, 2024

අනිත් අයට මිලියනයකින් පඩි වැඩි කරගන්න හොඳ නම් චමින්ද වාස්ට බැරි ඇයි?

February 23, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධරිවරයාගේ වැටුප ලක්ෂ දහයකින්  සහ සහ ප්‍රධාන විධායක නිලධාරී වරයාගේ වැටුප ලක්ෂ හය හමාරකින් වැඩි වූ බව තුෂාර ඉදුනිල් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා . ඔහු කියා සිටියේ ඉහල නිලධාරීන්ට මෙවැනි වැටුප් වැඩිවීම් කිරීමට හැකිනම් අප රටේ අත්දැකීම් බහුල සුපිරි ක්‍රීඩකයෙක් වන චාමින්ද වාස් මහතා ඉල්ලා සිටි අමතර මුදල ලබා දිය නොහැක්කේ මන්දැයි විමසා සිටියා.තවදුරටත් කරුණු දැක්වූ තුෂාර ඉදුනිල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවේ නිරුත්තර වූ අතර කිසි සුදානමකින් තොරව පැමිණි බවත් කියා සිටියා . චමින්ද වාස් මහතා ඉල්ලා සිටියේ ඩොලර් 3500 ක මුදලක් බවත් ඔහුට සහාසික ලෙස මාධ්‍ය යොදා ගනිමින් පහර දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඔහු කියා සිටියා.
මෙයට පිළිතුරු සැපයු නාමල් රාජපක්ෂ මහතා බටහිර ඉන්දීය සංචාරයට පැය හතරකට පෙර චමින්ද වාස් මහතාගේ ඉල්ලා අස්වීම පිළිබද තමා අතිශයින් කණගාටුවට පත් වන බව කියා සිටියා.ඔහු පවසා සිටියේ තරුණ කණ්ඩායමක් මෙලෙස ක්‍රීඩාවේ දිගු ගමනකට පියවර තැබීමට සුදානම් වන මොහොතක, චමින්ද වාස් මහතාට වේග පන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කිරීමේ අවස්තාව හැරදමා යාම පිලිබදවත් පෞද්ගලිකව කණගාටු වන බව කියා සිටියා.
එලෙසම ක්‍රිකට් ආයතනයේ වැටුප් වැඩි වීම් සිදුවන්නේ ක්‍රිකට් විධායක කමිටුවේ නිර්දේශයන්ට අනුව යම් කිසි ප්‍රතිශතයකට අනුව බවත් ඔහු ප්‍රකාශ කරා. 

Rate this item
(0 votes)