April 25, 2024

පාඨලී චම්පිකගේ යෝජනාවට කථානායකගෙන් ප්‍රශංසා!

February 23, 2021

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබාදෙන නිශ්චිත දඬුවමක් නොමැති හෙයින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපාදන සැකසීම සඳහා තමන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද ( 23 ) ඉදිරිපත් කළ බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව දැනුවත් කරන ලදී.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට නිශ්චිත දඬුවමක් නොමැති නිසා අධිකරණයට අභිමත දඬුවමක් ලබා දීමට හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ලෝකයේ ඇති අනෙකුත් නිදසුන්ද අධ්‍යයනයට ලක් කොට මේ සම්බන්ධයෙන් නව නීති කෙටුම්පත් සකස් කිරීම යෝජනාවේ අරමුණ බව රණවක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මේ කරුණ අනාවරණය කරමින් රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාට අධිකරණයට අපහාස කිරීම මත ලබා දුන් දඬුවම අසාධාරණ බව මේ පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාම අනුමත කරන බවද සඳහන් කරමිනි.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක මහතා ඒ බව සඳහන් කළේ දිගින් දිගටම රංජන් රාමනායක මන්ත්‍රීවරයාට දුන් දඬුවම මෙන්ම ඔහුව පාර්ලිමේන්තුවට නො කැදවීම සම්බන්ධයෙන් ඇතිවූ විවාදාත්මක තත්ත්වයෙන් පසුවය.

පාඨලී චම්පික රණවක මහතාගේ යෝජනාව ඉතා කාලෝචිත යෝජනාවක් ලෙස කථානායකවරයාගේ පැසසුමටද ලක්විය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 23 February 2021 13:52