March 29, 2024

කතානායක ඔබට පුටුව දීලා පැනලා යනවා - විපක්ෂ නායකගෙන් චෝදනා : මම පැනලා ගියේ නැහැ - කතානායක

February 23, 2021

කතානායකවරයා කරන්නේ නියෝජ්‍ය කතානායකවරයා වන ඔබට පුටුව භාර දීලා පැනලා යන බව විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කරන ලද්දේ සිරගත කොට සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන නොඒම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

රංජන් රාමනායක මහතා එක දිගට පාර්ලිමේන්තුවට මාස තුනක් නොපැමිණියහොත් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බැවින් කතානායකවරයා ඒ සඳහා කටයුතු කරන බවට ද විපක්ෂ නායකවරයා චෝදනා කරයි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාද මරණීය දණ්ඩනය නියම සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන ආකාරයට පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස කීප වතාවක්ම කථානායකවරයාගෙන් ඉල්ලීම් කළ බව ද පක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී. 

විපක්ෂ නායකවරයා මෙම චෝදනා එල්ල කරද්දී කතානායක අසුනේ සිටියේ නියෝජ්‍ය කතානායක රන්ජිත් සියඹලාපිටිය මහතායග

ඉන්පසු පාර්ලිමේන්තුවට පැමිණි කතානායකවරයා තමා කතානායක පුටුවෙන් පැන නොගිය බවත් ගියේ වැදගත් රාජකාරි කටයුත්තකට බවත් සඳහන් කරන කතානායකවරයා විපක්ෂ නායකවරයා නැගූ චෝදනා වලට පිළිතුරු දෙන ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 February 2021 12:27