April 26, 2024

රන්ජන් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - න්‍යාය පත්‍රය පැත්තකට : විපක්ෂයේ විරෝධතා

February 23, 2021

රංජන්ගේ ජීවිතය අනතුරේ, වැලිකඩට වහාම මාරු කරන්න යැයි ඉල්ලීම් මුල් කොට ගෙන පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවිය.

රංජන් රාමනායක මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට ගෙන නොඒම මෙන්ම අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතයට තර්ජනයක් තිබෙන බව සඳහන් කරමින් විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ වැඩකටයුතු අඩාල කරමින් දිගින් දිගටම ප්‍රශ්න කරමින් විරෝධතා පාඨ කියමින් විරෝධතා දක්වන්නට විය.

ඒ අවස්ථාවේ නැගී සිටිනගර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ අනාරක්ෂිතව බන්ධනාගාරය වැලිකඩ බන්ධනාගාරයේ බවත් ආරක්ෂිතව බන්ධනාගාරය අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය බවත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තනි සිරමැදිරියක මේ වන විට රඳවා තිබෙන බවත්ය.

මේ අතර රංජන් රාමනායක මහතාගේ ජීවිතය අනතුරේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

අපරාධකරුවන්ට, දූෂිතයන්ට මෙන්ම මිනීමරුවන්ට එරෙහිව කතා කළ රාමනායක මහතාව රඳවා තිබෙන්නේත් එවැනි දරුණු අපරාධකාරයින් සමග බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

රංජන් රාමනායක මහතා තවමත් මන්ත්‍රීවරයෙකු බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීම කථානායකවරයාගේ වගකීමක් බැවින් වහාම රංජන් රාමනායක මහතාව වැලිකඩ බන්ධනාගාරයට මාරු කිරීමට කටයුතු සූදානම් කරන ලෙස ඉල්ලීමක්ද කරන ලදී.

තමා රංජන් රාමනායක මහතා අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් මුණගැසුණු බවත් එහිදී ඔහු මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙන ලදී.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ ආණ්ඩු පක්ෂයේ විරෝධතා මැදය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 February 2021 12:20