April 25, 2024

"ගම්මන්පිලට පිස්සු" අගමැතිගේ කතාවට ගම්මන්පිලගෙන් පිළිතුරු

February 23, 2021

අගමැතිවරයා මානසික වෛද්‍යවරයකුගේ කාර්ය නොකරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එහෙත් අග්‍රාමාත්‍යවරයා ඒ කාර්යය පටන් ගත්තොත් එය ආරම්භ කරන්නේ විපක්ෂය පැත්තෙන් බව පෙන්වා දෙන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා ඇඹිලිපිටියේ පැත්තේ ඔය කාරණා නිර්ණය කිරීමට පැමිණෙන්නේ නැති බව ද සදහන් කරයි.

ගම්මන්පිල අමාත්‍යවරයා මේ බැව් සඳහන් කළේ ඉන්දියාව සතුව තිබෙන ත්‍රිකුණාමලේ තෙල් ටැංකි පවරා ගැනීම සම්බන්ධයෙන් ගම්මන්පිල අමාත්‍යවරයා කළ ප්‍රකාශය පිස්සු ප්‍රකාශයක් ලෙස අග්‍රාමාත්‍යවරයා හුවා දැක්වීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 February 2021 11:37