April 20, 2024

බොරතෙල් මිල ඉහළ ගිහින් - සංස්ථාවටත් පාඩුයි : මිල ඉහළ දැමීම ගැන ඇමති දුන් ඉඟිය

February 23, 2021

 2019 සැප්තැම්බර් මස 11 වැනි දින සිට මේ දක්වා ඛනිජ තෙල් විකුණුම් මිලෙහි කිසිදු වෙනසක් කොට නොමැති බව බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ වන විට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 60ක් බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

එහෙත් දැන් එය ඇමරිකානු ඩොලර් 64 දක්වා ඉහළ ගොස් ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල වැඩිවුවත් දේශීයව පෙට්‍රල් හා ඩීසල් වැඩි කිරීමේ සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ඛනිජ තෙල් මිල වැඩි කිරීම පිළිබඳව විපක්ෂයේ හේශා විතානගේ මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ලෝක වෙළදපොලේ දැවැන්ත මිල ඉහළ යාමක් සිදු වුවත් ඉන් සංස්ථාව සංස්ථාව පාඩු ලැබුවත් ඒ බර පාරිභෝගිකයා මත පැටවීමට සූදානමක් නැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

තවදුරටත් ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් රජයට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වුවහොත් පමණක් මිල වැඩි කිරීම් පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 February 2021 11:33