March 28, 2024

පෙට්‍රල් හා ඩීසල් වලින් ලැබූ බදු ලාභය බිලියන129.6යි - ඇමති හෙළි කරයි

February 23, 2021

පෙට්‍රල් හා ඩීසල් මත අය කරන බදු මුදල් වලින් උපයා ගත් රු බිලියන 129.6( රු.මිලියන 129000 පමණ ) මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ගෙවා ඇති බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී එළිදරව් කරන ලදී.

එහෙත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල් 92 ලීටරයකින් රු 5.58 ක් පාඩුවක්ද පෙට්‍රල් 95 ලීටරයකින් රු 10.85 පාඩුවක්ද ඩීසල් ලීටරයකින් රු 1.32 ක ලාභයක්ද සුපිරි ඩීසල් සඳහා ලීටරයකින් රු 6.30 ක පාඩුවක්ද භූමිතෙල් ලීටරයක් සඳහා රු 9.77 ක පාඩුවක්ද ලබන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල් සහ ඩීසල් තුළින් ලබන මෙම පාඩුව මත ඛනිජ තෙල් මිල ගණන් වැඩි කළ යුතු බවට ගම්මන්පිල අමාත්‍යවරයා මීට ටික දිනකට පෙර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර එය කැබිනට් මණ්ඩලය තුළ දී ප්‍රතික්ෂේප විය.

එහිදී ජනපතිවරයා ප්‍රකාශ කොට තිබෙන්නේ ඛනිජ තෙල් වලින් ලබන බදු ලාභයෙන් එම පාඩුව පියවා ගන්නා ලෙසත් ජනතාව පිට තවත් බර තවත් නොපටවන ලෙසය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 February 2021 11:28