April 23, 2024

මීළඟ විධායක සභාවේ දී චම්පිකට තනතුරක් - දෙන්නා අතර බල අරගලයක් නෑ

February 24, 2021

සමගි ජන බලවේගයේ ඊළඟ විධායක සභාවේ දී පාඨලි චම්පික රණවක මහතාට තනතුරක් හිමි වන බව ජේ.සී අලවතුවල මන්ත්‍රීවරයා හෙළිදරව් කරයි.

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අලවතුවල මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා හා චම්පික රණවක මහතා අතර බලඅරගලයක් තිබෙන බවට කසුකුසුවක් තිබුණද පක්ෂය ඇතුළේ සිටින තමන් ඇතුළු අන් පිරිසට එවැන්නක් පෙනෙන්නේ නැති බවය.

එලියේ සිටින ඕනෑ කෙනෙකුට ඕන ආකාරයේ අනාවැකි කීමේ අයිතියක් තිබෙන බවද අලවතුවල මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ජේ.සී අලවතුවල මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 February 2021 09:59