March 28, 2024

මම ලේකම්කමෙන් අස් වුණේ නැහැ - හැබැයි ඒ ගැන පි.බී ට කියලා තියෙන්නේ

February 23, 2021

තමන් මේ වන තෙක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් නොවුනු බව කෘෂිකර්ම, මහවැලි ග්‍රාමීය සංවර්ධන හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ අදාළ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මෙතෙක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා නොකළ බවය.

එහෙත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරයේ වගකීම් වලින් ඉවත් වීමේ අභිලාෂය තමන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාට පසුගිය පෙබරවාරි 15 වනදා දැනුම් දුන් බව සුමේධ පෙරේරා මහතා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා මම සඳහන් කළේ තමන් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළ වූ මාධ්‍ය වාර්තා ගැන කරුණු පැහැදිලි කරමිනි.

Rate this item
(0 votes)