April 24, 2024

පාස්කු වාර්තාව අද පාර්ලිමේන්තුවට

February 23, 2021

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ඇමැති මණ්ඩලය ඊයේ (22) රාත්‍රියේ තීරණය කළේය.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට කාදිනල් හිමිපාණන් ඇතුළු විවිධ පාර්ශ්ව බලපෑම් කළ අතර එම වාර්තාව ජනාධිපතිවරයා විසින් ඊයේ (22) ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

මේ අතර ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා පත් කළ ඇමැති කමිටුවද ඊයේ (22) පස්වරුවේ රැස් විය. එම අධ්‍යයන කමිටු වාර්තාව මාර්තු 15 වැනි දින ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබුණි.

එම කාලයට ප්‍රථම කමිටු වාර්තාව ලබා දීමට මෙහි දී තීන්දු කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 February 2021 09:43