April 24, 2024

රනිල්ගේ ඉල්ලීම මහින්ද ඉටු කරයි! බෙන්තොට නිල නිවසේදී දේශපාලනය ගැන සාකච්ඡා කරලා

February 23, 2021

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අගමැති, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂි හමුවක් බෙන්තොටදී සිදුව ඇති බව වාර්තා වේ.

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාකච්ජාවක් ලබා දෙන ලෙසට කිහිප වතාවක්ම අගමැතිවරයාගෙන් කර තිබූ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුව ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව පසුගිය 13 වනදා වික්‍රමසිංහ මහතා නැවතත් අගමැතිවරයාට කතා කොට ඒ පිළිබද විමසා ඇත. 

එහිදී අගමැතිවරයා දැනුම් දී ඇත්තේ තමන් එදින බෙන්තොට අගමැති නිල නිවසේ රැදී සිටින බවත්, පැමිණීමට හැකි නම් දිවා භෝජනයද තමන් සමග ගත හැකි බවත්ය.

ඒ අනුව වික්‍රමසිංහ මහතාද එදින බෙන්තොට බලා ගොස් අගමැතිවරයා සමග නිදහසේ පවතින දේශපාලන වටපිටාව පිළිබදව සාකච්ජා කොට ඇති බව වාර්තා වේ.

අගමැතිවරයාට බොහෝ හිතවත් ව්‍යාපාරිකයකු විසින් මෙම දිවා භෝජන සංග්‍රහය ලබා දී ඇති බවත් දිවාභෝජනය සදහා සූදානම් කොට තිබී ඇත්තේ බුරියානි බවත් ආරංචි මාර්ග පැවසීය. 

ඒ අනුව අගමැතිවරයා හා රනිල් වික්‍රමසිිංහ යන මහත්වරුන් එක්ව බුරියානි වේලක රස විද ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)