April 19, 2024

ජනප්‍රිය ගායිකා උමාරියාගේ යැයි කියපූ "අසභ්‍ය වීඩියෝව" ශෙයා කරපු අයට වසර 5ක සිර දඬුවමක්?

February 23, 2021

ශ්‍රී ලංකාවේ බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්ව සිටින ගායිකාවක් වන උමාරියා සිංහවංශගේ යැයි පවසමින් අසභ්‍ය දර්ශන සහිත වීඩියෝවක් පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය තුළ හුවමාරු විය.

උමාරියාද මේ පිළිබඳව යූටියුබ් නාලිකාවක් සමඟ එක්වෙමින් සිය අදහස් ප්‍රකාශ කළ අතර ඒ වීඩියෝව නිසා තමන් දැඩි ලෙස මානසිකව වැටුණු බවද ඇය ප්‍රකාශ කළේ හැඬූ කඳුලිනි.

මෙම සිද්ධිය පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකා පොලීසියේ අවධානය පවා හිමිව තිබේ.

ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මේ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණි.

එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ සමාජ මාධ්‍යය ඔස්සේ සමාජ විරෝධී ක්‍රියාවන් සිදුකරනු ලබන පුද්ගලයින්ට වසර 05 ක සිර දඬුවම් ලබාදීමට හැකියාව ඇති බවයි.

එමෙන්ම එවැනි චෝදනා නිසා පරික්ෂණ පවත්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් 17 දෙනෙකුට පසුගිය කාලයේ දී එලෙස දඬුවම් පැමිණ වීමටද ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කළ බවටද හෙතෙම සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ අසභ්‍ය දර්ශනයක් මාධ්‍ය වෙත මුදා හරිනු ලබන්නේ නම් ඔවුන්ට වසර දෙකක කාලයක් සඳහා සිර දඬුවම් ලබාදිය හැකි බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් දැක්වූ අදහස සම්පුර්ණ අදහස පහතින්,

Rate this item
(0 votes)