එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය ඊයේ ආරම්භ වුනා . මේ සම්බන්දව අදහස් පල කල මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා ප්‍රකාශ කර සිටියේ LTTE ඩයස්පෝරාව අපිට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බවයි . එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පිළිගනු ලබන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම යවන වාර්තා නොවන බවත් සත්‍ය වශයෙන්ම මේ ශ්‍රී ලංකාව සැරසෙන්නේ යුධ අදිකරණයට ගෙන යාමට බවත් ඔහු පෙන්වා දුන්නා .ශ්‍රී ලංකාව වෙනුවෙන් පැවසිය යුතු කරුණු බොහෝ ඇතත් ඒවා නිසි පරිදි සන්නිවේදනය නොවන බවට ඔහු චෝදනා කරා . අපගේ තානාපති කාර්යාල වල විශාල සන්නිවේදන දුර්වලතා ඇති බවත් මේ වන විටත් රටවල් 47 ක එක්සත් ජාතීන්ගේ තානාපතිවරුන් හමු වී නොමැති බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.