April 24, 2024

ආරක්ෂක ලේකම් කිවූ ගස් කපන හාමුදුරුවෝ ගැන හිටපු ආණ්ඩුකාරතුමා කියන කතාව

February 23, 2021

ආරක්ෂක ලේකම් වරයා සිදු කල කතාවකදී ගස් කපනු ලබන හිමිනමක් පිලිබදව සදහන් කිරීමට යෙදුනු අතර මේ සම්බන්දව මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා තම මුහුණු පොතෙහි මෙවැනි සටහනක් තබා තිබුනා.

"ආරක්ෂක ලේකම් කියන 'ගස් කපන හාමුදුරුවන්ගේ' ඉඩම් අල්ලන වැඩ
ත්‍රීකුණාමලය පුල්මුඩේ නාගලෙන පුරා විද්‍යා ස්ථානය හා විහාරය ආශ්‍රිත කන්නිරාවි, ඔට්ටම්කුලම්, තුවරක්කුලම් ඇතුළු ගම්මාන කිහිපයක ජනයාට සිය ඉඩම් අහිමිවීමේ අවධානමක් ඇති බව ප්‍රදේශවාසීන් මැසිවිලි නගති.
ප්‍රදේශයේ ජනයා කාලයක් මුළුල්ලේ බුක්ති විදි ඉඩම් පූජා භූමි ලෙස ගැසට් කර අත්පත් කර ගැණීමේ උත්සහ දරන්නේ අරිසිමලෙයි ආරන්‍ය සේනාසනයේ විහාරාධිපති පනාමුරේ තිලකවංශ හිමි ය.
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්ත මහතා කියන කැලෑ කපන හාමුදුරුවෝ පුල්මුඩේ පමණක් නොව ඒ අවට පිහිටි පදවිය, යාන්ඔය, කල්ලරාව, තෙන්නමරන්වාඩි යන ප්‍රදේශ වල පිහිටි ඉඩම්ද මේ අන්දමින් බලහත්කාරයෙන් අත්පත් කර ගැණීමට යෑම හේතුවෙන් අර්බුද රැසක් නිර්මාණය වී ඇත. මේ බව කියන්නේ ප්‍රදේශයේ දිගු කලක් ගම් බිම් වල වෙසෙන භික්ෂූන් වහන්සේලා ය.
පුල්මුඩේ කන්නිරාවි හා ඔට්ටම්කුලම් යන ප්‍රදේශ වල පිහිටි ජනයාට අයත් අක්කර 47 පමණ කුඹුරු ඉඩම් ප්‍රමාණයක් කල් බදු ක්‍රමය යටතේ නාගලෙන් රජමහා විහාරයට පවරා ගැණීමට අදාල හිමිනම විසින් මේ වන විට උත්සහ දරමින් සිටින අතර, එම ඉඩම් වසර සියයකට වඩා වැඩි කාලයක් තම ජනයා භුක්ති විදි ඉඩම් බැව් ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.
මෙම ප්‍රදේශයේ පිහිටි ඉඩම් සදහා 1980 වසරට පෙර සිට නිකුත් කල බලපත්‍ර පවා බොහෝ ගොවීන් සතුව තිබියදී, අදාල හිමිනම එම ඉඩම් විහාරස්ථානයට අයත් ඉඩම් බව කියමින් බලහත්කාරයෙන් අස්වද්දමින් සිටිති.
මේ සදහා එම හිමි නම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් හා විශේෂ කාර්‍ය බලකාය යොදා ගන්නා බවත් ගොවීන් පවසයි.
ප්‍රදේශයේ ස්ථාන දෙකක සීමා මායිම් කණු ලෙස රාජ්‍ය ආයතන යොදා ගන්නා කොන්ක්‍රීට් කණු වර්ගයක් නිපදවන අතර, සිවිල් ආරක්ෂක භටයන් යොදා ගනිමින් මේවා හොර රහසේ හිටුවා ජනතාව නොමග හැරීම හා බිය වැද්දීම් සිදුකරන බවත්, ප්‍රදේශයේ එක් ගොවියෙකුට අයත් ඉඩමක පොකුණක් ඉදි කරමින් සිටින බවත් පෙන්වා දෙති.
යුධ ගැටුම් හේතුවෙන් මෙම කුඹුරු ඉඩම් වසර 30ට වඩා වැඩි කාලයක් අතහැර දමා තිබු අතර, යුද්ධය අවසන්වීමත් සමග පුල්මුඩේ ගොවීන් නැවත තම කුඹුරු සොයා ගියද ඊට ඇතුළුවීමට ආරක්ෂක අංශ අවසරය ලබාදී නැත. එහෙත්,අදාල හිමිනම රජයේ පූර්ණ සහයෙන් එම ඉඩම් විහාරස්ථානය විසින් අස්වද්දවා ඇති බව ගොවීන් චෝදනා කර සිටිති.
මෙි වන විට හිමිනම විසින් රජයෙන් ඉල්ලා ඇති කන්නිරාවි, තුවරක්කුලම්, කුංඥිකුලම්, පනිච්චන්කේනි, වට්ටුකරප්පු ප්‍රදේශ වලට අයත් අක්කර 47 ක ප්‍රමාණයක් ලබාදීමේ අරමුනින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
මේ වන විට මෙම හිමිනම විසින් තෙන්නමරන්වාඩි ප්‍රදේශයේ ඉඩම් අල්ලා ගැණීමට එරෙහිව ත්‍රීකුණාමලය අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින අතර, පදවියේ විහාරස්ථානයක් ද ආරක්ෂක ලේකම් පවසන 'කැළැ කපන හාමුරුවන්ට' ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් නඩුවක් ගොනුකර තිබේ."

Rate this item
(0 votes)