April 19, 2024

රෝග 6ක් තුරන් කළ මට කරන්න බැරි වුනේ GMOA එක තුරන් කරන එක විතරයි - ඒ ඒකට හිටපු ජනපති ජැක් ගහපු නිසා - රාඡිත සේනාරත්න

February 22, 2021

තමාගේ කාලයේ රෝග හයක් සම්පූර්ණයෙන්ම රටින් තුරන් කලාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුරන් කිරීමට නොහැකි වූයේ ඊට හිටපු ජනපතිවරයා ඒකට ජැක් ගහගෙන හිටපු නිසා නිසා බව රාජිත සේනාරත්න මහතා පෙන්නා දෙයි.

තමා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරද්දී මැලේරියා,බරවා,සරම්ප,රුබෙල්ලා,මවගෙන් දරුවාට වැළඳෙන පිටගැස්ම රෝගය, මවගෙන් දරුවාට වැළඳෙන එච්.අයි.වී. ඒඩ්ස් රෝගය රටින් තුරන් කළ බව පෙන්වා දෙන සේනාරත්න මහතා ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතික හයක් ගත් එකම ඇමති තමන් බව ද සදහන් කරයි.

තමන්ට තුරන් කිරීමට නොහැකි වූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පමණක් බව ද සේනාරත්න මහතා අවධාරණය කරයි.

රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කලේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 February 2021 14:06