March 29, 2024

ජාසිංහ ආරච්චිගේ තොරතුරු ටිකෙන් ටික එළියට Featured

February 22, 2021

මේ වන විට මතභේදයට තුඩු දී තිබෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී ධූරයේ සිට නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස් කළ බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය පිළිබඳව බොහෝ දෙනකු නොදන්නා තොරතුරු එළිදරව් වෙමින් තිබේ.

1961. 2.9 උපන් ජාසිංහ ආරච්චි මහත්මිය පොලිසියට එක් වී තිබෙන්නේ 1984.11.6 දින වන අතර 2008 ජනවාරි 1 දින ඇය සහකාර පොලිස් අධිකාරී ධූරයට උසස්වීම් ලබා තිබේ.

ඇය රාජපක්ෂවරුන්ගේ නිජබිම වන හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු තැනැත්තියකි.

සහකාර පොලිස් අධිකාරී ධූරයට පත් කරන අවස්ථාවේ ඇයට එම ධූරය සඳහා අවශ්‍ය නිසි උස ප්‍රමාණය නොමැතිවීම නිසා ප්‍රශ්නයක් ද මතු වී තිබේ.

ජාසිංහ ආරච්චි මහත්මිය විවාහ සිටින්නේ රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂක ලෙස සේවය කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් මාසෝ මහතා සමගය.

ජයසිංහආරච්චි මහත්මියට අමතරව තවත් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරියන් 8 දෙනෙකු සිටින අතර ජ්‍යෙෂ්ඨතා ලයිස්තුවේ ප්‍රථමයෙන්ම සිටින්නේ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී ඩී.එස් පෙරියක්පෙරුම මහත්මියයි.

ජේෂ්ඨත්වයට අනුව ප්‍රමුඛතා ලැයිස්තුවේ දෙවැනියාට සිටින්නේ රාජ්‍ය බුද්ධි අංශයේ මේ වන විට සේවය කරන ඒ.ජී.එන්.ඩී සෙනෙවිරත්න මහත්මියයි.

ප්‍රමුඛතා ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ සිටින්නේ ජේෂ්ඨ පොලිස් අධිකාරිනී එස්.ඒ.ආර් ජයසුන්දර මහත්මියයි.

ජාසිංහ ආරච්චි මහත්මියට වඩා ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින මේ තිදෙනා ද සහකාර පොලිස් අධිකාරී ධූර සඳහා උසස්වීම් ලබා තිබෙන්නේ ද 2008 ජනවාරි 1දාය.

මේ වන විට ජාසිංහ ආරච්චි මහත්මියගේ පත් වීමට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 33 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කර තිබේ.

එහෙත් මෙහි විශේෂත්වය වන්නේ ජාසිංහ ආරච්චි මහත්මියට වඩා ජේෂ්ඨත්වයට අනුව ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින ජේෂ්ඨ පොලිස් අධිකාරිවරියන් ජාසිංහ ආරච්චි මහත්මියගේ පත්වීමට විරෝධතා නොදැක්වීමය.

Rate this item
(5 votes)
Last modified on Monday, 22 February 2021 10:40

Related items