April 25, 2024

සබ්‍රිට යළිත් මහා සංඝරත්නයේ විරෝධය - ජනපතිටත් ලිපියක් යවයි

February 22, 2021

මුස්ලිම් විවාහ නීතිය අහෝසි කිරීමට නම් විහාර දේවාලගම් පනත ඇතුළු සියලු පෞද්ගලික නීති අහෝසි කළයුතු බවට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

විහාර හා දේවාලගම් පනත ඇතුළු ආගමික ස්ථානවල මුල්‍ය පරිපාලනයට අදාලව සම්මත කරගෙන ඇති නීති හා පනත් පුද්ගල නීති යටතට නොගැනෙන බව අවධාරණය කරන භික්ෂූන් වහන්සේලා පවසන්නේ ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැත්තෙකු විලසින් අධිකරණ අමාත්‍යවරයා කටයුතු කරන බවය.

අධිකරණ අමාත්‍යවරයාගේ එම සාවද්‍ය හා වගකීම් විරහිත ප්‍රකාශය රටටත්, ජනතාවටත් විශේෂයෙන්ම බුද්ධ ශාසනයටත් එරෙහිව කරන ලද බරපතල ප්‍රකාශයක් ලෙස අපි තරයේ හෙලා දකින බව අදාල ලිපියේ සඳහන් වේ.

Rate this item
(0 votes)