April 25, 2024

ඒ ෆොටෝ එක ‘බට්’ කළ එකක් : මං දිගටම පැණිය හදනවා - ඒක නවතන්න කාටවත් බෑ

February 21, 2021

"මම කොරෝනා මර්දන එන්නත විද ගන්නා අවස්ථාවක් පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල යනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි ප‍්‍රවෘත්තියක්. මම විද ගත්ත එන්නතක් නෑ. එය මට කෙණෙහිලිකම් කරන අයගේ මඩ ගැසීමක් බව කියන්න කැමැතියි." යැයි ‘ධම්මික පැණිය’ නිපද වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා පැවසීය.
 
ඔහු තවදුරටත් මෙසේ ද පැවසුවේය.

"මගේ රූපය ගෙන තවත් කොටසකට බද්ධ කරලා මට බෙහෙත විදින බවට පෙන්නන ජායාරූපය හදලා. මෙය දෙස හොඳින් බලන අයකුට පෙනෙනවා බද්ධ කර තිබෙන ජායාරූපයක් බව. මම බෙහෙත් හදන්න පටන් ගත් දවසේ සිටම මට එරෙහිව ඔය මඩ ප‍්‍රචාර ගෙනියනවා. මා ඒ ගැන ඉතාමත් කනගාටු වෙනවා. මෙම බෙහෙත් නිෂ්පාදනය දිගටම කරගෙන යනවා. මේක නවත්වන්න ඔය කාටවත් බැහැ. දිනපතා විශාල පිරිසක් බෙහෙත ගැනීමට නිවසට පැමිණෙනවා."

මේ විකෘති කළ ඡායාරූපය සම්බන්ධව නීති මගින් කටයුතූ කරන්න පුළුවන් ද කියා මම සොයා බලනවා යැයි ද හෙතෙම පැවසීය.

තව ද ඔය ඵන්නත ගැන තමාට විශ්වාසයක් නැතැයි ද ඔහු කීවේය.

Rate this item
(0 votes)

Related items