April 20, 2024

රථ වාහන ආනයන සීමාවේ අලුත්ම තීන්දුව ගැන මහ බැංකු අධිපති කියයි

February 12, 2021

රථවාහන ඇතුළු භාණ්ඩ ආනයනය සඳහා දැනට පවතින සීමා ලිහිල් කිරීමට තවමත් හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

ඒ කොළඹ මහ බැංකු මුලස්තානයේදී අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.

එසේ ආනයන සීමා ලිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් වන පරිදි ගෙවුම් ශේෂයේ තත්ත්වය හැඩගැසී නොමැති බව ද පැවසූ මහ බැංකු අධිපතිවරයා මේ නිසා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා තවදුරටත් පවත්වාගෙන යා යුතු බව ද පැවසීය.

මේ වන විට රථවාහන ඇතුළු භාණ්ඩ ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් වන පරිදි ගෙවුම් ශේෂයේ ත්තත්වය හැඩගැසී නොමැති බව මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පැවසීය.

මාධ්‍යවේදියෙකු විසින් සිදුකරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මෙහිදීී වැඩිදුරටත් පැවසුවේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා තවදුරටත් පවත්වාගෙන යා යුතු බවයි.

2020 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට සිදුකරන ලද පෞද්ගලික රථවාහන ආනයනය සඳහා දරා ඇති වියදම ඩොලර් මිලියන 0.5 ක් වශයෙන් දැක්වෙන අතර ඒය 2019 දෙසැම්බර් මාසයේ අගය වූ ඩොලර් මිලියන 83.9 හා සැසඳීමේ දී 99.5% ක අඩුවීමකි.

ඒසේම 2020 වසර තුළ දී ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙන පෞද්ගලික රථවාහන සඳහා දරා ඇති මුළු වියදම ඩොලර් මිලියන 282.9 ක් වන අතර ඒය 2019 අගය වූ ඩොලර් මිලියන 815.7ට වඩා 65.3% ක පහළ යාමක් වේ.

මේ අතර 2020 වසරේ සමස්ත වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඩොලර් මිලියන 16,055.4 ක් දක්වා 19.5% කින් පහළ ගොස් තිබේ.

Rate this item
(1 Vote)