March 29, 2024

රනිල් - සජිත් රහස් හමුවක්! එකඟතාවයකටත් එයි

February 12, 2021

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ හමුවීමක් සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එහිදී දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග පැවසීය.
 
ඒ අනුව එම කොමිෂන් සභා වාර්තාවට එරෙහිව කටයුතු කිරීමටත් ඒ සඳහා අනෙකුත් විපක්‍ෂ දේශපාලන පක්‍ෂ බලවේග ද ඒකරාශී කර ගැනීමටත් එකඟතාවයක් ඇති කරගෙන ඇතැයි වාර්තා වෙයි.

නායකයන් දෙපළ අතර පෙරේදා (10) පෞද්ගලික ස්ථානයකදී මෙම හමුව සිදුව ඇති අතර එම හමුව ඉතා සුහද ලෙස පැවතී බව විපක්‍ෂයේ ආරංචි මාර්ග පැවසීය.

මහ මැතිවරණ පරාජයෙන් පසුව නායකයන් දෙපළ මෙයට පෙර අවස්ථා දෙක තුනකදී ද පෞද්ගලිකව මුණගැසී තිබෙන අතර මෑතකදී නිකුත් කර තිබූ මෙම කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම සහ යම් යම් දේශපාලන කාරණා පිළිබඳව ද දෙදෙනාගේ අවධානය යොමු වීම විශේෂත්වයකි.
 

Rate this item
(0 votes)

Related items