March 29, 2024

ළමා මව්වරුන්ගෙන් 80% ක්ම මුස්ලිම් නොවන දරුවන් - සබ්‍රිගෙන් ප්‍රකාශයක්

February 12, 2021

බාල වයස්කාර දරුවන් විවාහ වීම සිදුනොකල යුතු බවට තමන්ගේ මතය බවත් මෙරට බාල වයස්කාර විවාහ කෙසේ වෙතත් අඩු වයසින් දරුවන් ලැබුණු මව්වරුන් සිටින බවත් ඉන් සියයට 80ක් මුස්ලිම් නොවන දරුවන් බව අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්විය.

” 2020 නොවැම්බර් මාසයේ දී කැබිනට් පත්‍රිකාවක් තමන් විසින් යොමු කළා. එහිදී අනෙක් දරුවන්ට මෙන් මුස්ලිම් දරුවන්ගේ විවාහ වීමේ වයස් සීමාව අවුරුදු 18 විය යුතු බවත්, කාන්තාවන්ටද කාතිවරුන් ලෙස ක්‍රියා කිරීමට හැකියාව තිබෙන බව මෙන්ම විවාහ වීමේදී කාන්තාවන්ට ද අත්සන් තැබිය යුතුය යන යෝජනා එහිදී සිදුකර තිබෙනවා. මෙම සියලු ක්‍රමක් ක්‍රමයෙන් යථාර්තයක් බවට පත් කර ගැනීමට උත්සහ කරමින් සිටිනවා. මොකද මෙය බලෙන් ඇගේ ගහන්න බැහැ. සමාජයේ මේකට අදාළ පුද්ගලයින් සමග කතාබස් කරලා සිදුකරන්න අවශ්‍ය දෙයක්” 

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Rate this item
(0 votes)