April 19, 2024

හැට පැනපු පොලිස් ලොක්කන් කළ ඉල්ලීම පොලිස්පති විසි කරයි

February 11, 2021

වයස අවුරුදු හැට ඉක්මවූ පසුත් පොලිස් සේවයේ රැඳී සිටීමට සේවා දිගු ලබාදෙන ලෙස පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකු කළ ඉල්ලීම් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ප්‍රතික්ෂේප කර ඇත.

මෙම වසරේ විශ්‍රාම ගන්නා නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනකු හා නියෝජ්‍ය පොලිස්පතිවරු දසදෙනෙක්ද වෙති.

එයින් සේවා දිගු ඉල්ලා සිටි නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුද වන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නිලධාරීන්ට සේවා දිගුවක් ලබාදීමෙන් මිළඟට උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින නිලධාරීන්ට අසාධාරණයක් වන බව පෙන්වා දෙමින් පොලිස්පතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

Rate this item
(0 votes)

Related items