March 28, 2024

දෛනික කොවිඩ් රෝගීන් 1000ක සීමාව ලංවෙලා - රටපුරා රෝහල්වල ලොකු වෙනසක්

February 11, 2021

පී.සී.ආර්. ඇන්ටිජන් ඇතුළු පරීක්ෂණ වැඩි කිරීමේදී හමුවන ආසාදිතයන් වෙනුවෙන් එළැඹෙන සතියේ සිට මූලික රෝහල්වල ඇඳන් ප්‍රමාණය වැඩි කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

මේ වනවිට දෛනික කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය දහසක සීමාව දක්වා ළඟාවීමත් සමග මෙම තීරණය ගැනීමට සිදු වී ඇතැයි වාර්තා වේ.

කොවිඩ් එන්නත ලබාදීමට සමානවම දැනට ක්‍රියාත්මක ක්‍රමවේද වෙනස් කර නව ක්‍රමවේදයකින් රෝගීන් පරීක්ෂා කරන ලෙස ජනපතිවරයා පසුගිය සතියේ නියෝග කර තිබිණි.

ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් පරීක්ෂාවන් වැඩිකර දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට කොවිඩ් ආසාදිතයන් සොයා ගෙන ගොස් පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට උපදෙස් ලැබී ඇත.

Rate this item
(0 votes)