April 24, 2024

විමල්ගේ අවුලෙන් ආණ්ඩුව කැළඹෙයි! විමල් ඇතුළු ආණ්ඩු පක්ෂ නායකයින්ට මහින්දගෙන් හදිසි කැඳවීමක්

February 11, 2021

ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී පවත්වා ඇත.

ජීනීවා මානව හිමිකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් සහ විමල් වීරවංශ ඇමතිවරයා පිළිබඳව ආණ්ඩුව තුළ ඇතිව තිබෙන මතභේදය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය ජී.එල්. පීරිස්, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරන, ඒ.එල්.එම්. අතාවුල්ලා, වීරසුමන වීරසේකර සහ අසංක නවරත්න යන මැති ඇමතිවරුද ඒ සඳහා සහභාගි වී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව සහ ඊට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා එහිදී පැහැදිළි කර ඇතැයි වාර්තා වේ.

මේ අතර එදින උදේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී තමා නොසිටි අවස්ථාවක තමා සම්බන්ධයෙන් දැඩි ඝෝෂාවක් පවත්වා ඇති බව විමල් වීරවංශ ඇමතිවරයා පක්ෂ නායක  රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

අගමැතිවරයාගේ නායකත්වය තමා හැමදාමත් පිළිගන්නා බවත්, තමා මාධ්‍යයට ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා පරිපාලනයට සීමා නොවී දේශපාලනයට සම්බන්ධ විය යුතුය යන්න බවත් වීරවංශ මහතා සඳහන් කර ඇතැයි දැනගන්නට ඇත.
 
ඊට පිළිතුරු දී ඇති අගමැතිවරයා, වීරවංශ මහතා කියන කාරණය තමාට තේරෙන නමුත්, නවක මන්ත්‍රීවරුන්ට ඒ සම්බන්ධයෙන් එතරම් අවබෝධයක් නොමැති බවත් සඳහන් කර ඇතැයිද වාර්තා වේ.

කෙසේ වුවත් පක්ෂ නායක රැස්වීමේදී ආන්දෝලානාත්මක කිසිවක් සිදුවී නැති බවද දැනගන්නට ඇත.

Rate this item
(0 votes)

Related items