April 25, 2024

හරීන්ගේ සිහින බොඳවෙයි! ඉල්ලූ දේ සජිත් නොදෙයි

February 10, 2021

සමගි ජන බලවේගයේ ආසන සංවිධායක පත්වීම් ප්‍රධානය කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) සිදු කෙරිණි.

නව ආසන සංවිධායකවරුන් පත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට පක්ෂයේ ඉදිරි වැඩ වැඩ කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුවක් ද පැවැත්විණ.

කෙසේ වෙතත් සමගි බලවේගයේ වත්තල ආසන සංවිධායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා බලාපොරොත්තු වුවද ඊයේ ආසන සංවිධායකවරුන් පත්කිරීමේදී ඔහුට වත්තල ආසනය හිමි වී නොතිබිණි.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ දක්ෂ, කාර්‍යක්ෂම විශාල පිරිසක් සමගි ජන බලවේගය සමග එක්ව කටයුතු කරන බවත් ඉතා කෙටි කලකින් සිය බලවේගය මෙරට ප්‍රමුඛතම දේශපාලන ප්‍රවාහය බවට පත්ව ඇති බවත්ය.

දැනට පුරප්පාඩුව පවතින සෙසු ආසන සදහාද ඉදිරියේදී කඩිනමින් සංවිධායකවරු නම් කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය. 

Rate this item
(2 votes)