April 25, 2024

රුසියා කොරෝනා මර්දන එන්නත ගෙන්වීමට දේශීය නියෝජිතයෙකු පත් කරයි

February 08, 2021

කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව නිපදවූ ස්පුට්නික් එන්නත මෙරටට ගෙන්වීමේ දේශීය නියෝජිතයා ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තෝරාගෙන තිබේ.

එහි සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසූවේ කොරෝනා ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා එන්නත් මෙරටට ගෙන්වීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් පමණක් එම කටයුතු කරන ලෙසට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.

මේ අතර කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදනය කෙරුණු එන්නත් පහක් සම්බන්ධයෙන් අවදානය යොමු කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

රුසියානු එන්නත මෙරට භාවිතය සඳහා අවසර ලබාගැනීමට ඖෂධ නියාමන අධිකාරියට අවශ්‍ය ලේඛන පසුගියදා ඉදිරිපත් කළ බවත් සංස්ථාව එම අවසරය ලද වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ එන්නත ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

Rate this item
(2 votes)