April 24, 2024

පාරිභෝගික අධිකාරියේ ලොක්කෙකු තනතුරෙන් දොට්ට! ඇමැති මණ්ඩලයට දැනුවත් කරන්න බන්දුල සූදානම්

February 03, 2021

යහපාලන රජය සමයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විමර්ශන නිලධාරීන් 200ක් බඳවා ගැනී‍මේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එම අධිකාරියේ මානව සම්පත් අධ්‍යක්ෂවරයාගේ සේවය අත්හිටුවා තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය යටතේ පත්කළ කමිටුවකින් කළ විමර්ශනයකට අනුව මෙම අධ්‍යක්ෂවරයාගේ සේවය අත්හිටුවා ඇත.

එම මූලික විමර්ශන වාර්තාව වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරියට සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට භාර දී තිබේ.

විමර්ශන නිලධාරීන් බඳවා ගැනීම ඇතුළු චෝදනා එකොළහක් සම්බන්ධයෙන් මෙහිදී විමර්ශනය කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඉදිරියේදී මෙම චෝදනා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කිරීමට නියමිත අතර මේ පිළිබඳව ඇමැති මණ්ඩලය දැනුවත් කිරීමටද වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන තීරණය කර ඇත.

Rate this item
(0 votes)