March 28, 2024

සජිත් පිලට ගිය මන්ත්‍රීවරු 35ක් යළි එජාපයට! මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම එජාපයේ ප්‍රබලයින්ට දන්වයි

February 02, 2021

සමගි ජනබලවේගයට ගිය එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන් 35 දෙනෙකු නැවත එක්සත් ජාතික පක්ෂයට එකතුවීම සඳහා ඉල්ලීම් කර ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා සහ එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් ඉහත මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් සලකා බලා ඔවුන් නැවත එජාපයට බඳවා ගැනීම පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මීට අමතරව සමගි ජනබලවේගයට සහය දැක්වූ අම්පාර ප්‍ර දේශයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක්ද එජාපයට එකතු වීමට ඉල්ලීම් කර ඇතැයි එම ආරංචි මාර්ග පැවසීය.

Rate this item
(4 votes)