April 20, 2024

අඟහරුවාදා හා බදාදා රනිල් free කැමති කෙනෙකුට සිරිකොතේදී හමුවෙන්න පුළුවන්

පෙබරවාරි මස මුල සිට පාක්ෂිකයන්ට හා සාමාන්‍ය ජනතාවට එක්සත් ජාතික පක්ෂ නායකයින් මුණගැසීමට දින දෙකක්  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙන්කොට තිබේ.

ඒ අඟහරුවාදා සහ බදාදා යන දින දෙකය.

එම දින දෙක තුළ පාක්ෂිකයන් මෙන්ම ජනතාව මුණගැසීමට පක්ෂ නායකයා මෙන්ම නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, පක්ෂ මහලේකම් පාලිත රංග බණ්ඩාර යන මහත්වරුන් සිරිකොත රැඳී සිටීමට තීරණය කොට තිබේ.

එක්සත් ජාතික පක්ෂය ජනතාව අතරට ගෙන යෑම සඳහා පාක්ෂිකයන් හා නායකයන් අතර තිබෙන දුරස්ථභාවය නැති කිරීම සඳහා පක්ෂ නායකයා විසින් මෙම  වැඩ පිළිවෙළ අරඹා තිබේ. 

Rate this item
(3 votes)