April 25, 2024

කරුණු පහදන්න ජනපති මුරුත්තෙට්ටුවේ හිමි බැහැ දකි

ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා මීට ටික දිනකට පෙර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ව අභයාරාමයට ගොස් බැහැදැක තිබේ.

ඒ නැගෙනහිර ජැටිය ඇතුළු රජයේ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහාය.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් දිගින් දිගටම ජනපතිවරයාව මෙන්ම ආණ්ඩුව ප්‍රසිද්ධියේම විවේචනය කළ අතර නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් විරෝධය දක්වා තිබුණි.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වත්මන් ජනපති හා ආණ්ඩුව බලයට ගෙන ඒමට ඇප කැප වී කටයුතු කළ හිමිනමකි.

Rate this item
(3 votes)
Last modified on Friday, 29 January 2021 11:29

Related items