March 28, 2024

පක්ෂයේ තනතුර භාර නොගත් හේතුව නවීන් හෙළි කරයි

එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වය ඇතුළු අපේක්ෂිත ප්‍රතිසංස්කරණ ඉටු නොවීම හේතුවෙන් තමන් පක්ෂ ජාතික සංවිධායක තනතුර භාර නොගත් බව නවීන් දිසානායක මහතා පවසයි. 

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස පත් කෙරුණු අර්ජුන රණතුංග මහතා සමග ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළේය. 

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික නවීන් දිසානායක මහතා "මම තවමත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. පක්ෂයෙන් ඉවත් වෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මාව පත්කරත් මම එය භාර ගත්තේ නෑ. පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු අපේක්ෂිත මට්ටමින් සිදු නොවීම තමයි එයට හේතුව," යනුවෙන් පැවසීය. 

නවීන් දිසානායක මහතා දැක්වූ අදහස් පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 29 January 2021 09:30