April 19, 2024

යහපාලන ආණ්ඩුවේ රනිල් කරපු තවත් කැත වැඩක් - “එයාට කතානායක ගාව පුටුවක් දාලා දෙන්න”

යහපාලන ආණ්ඩු සමයේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේදී සම්ප්‍රදායිකව ඔහුට ලබාදිය යුතු  අග්‍රාමාත්‍ය අසුන ලබා දීමට එවකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තුළ කැමැත්තක් නොතිබු බව දැනගන්නට තිබේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදායයන්ට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි විට අග්‍රාමාත්‍ය අසුන  ජනපතිවරයාටත්, සභානායක අසුන අග්‍රාමාත්‍යවරයාටත් ලබා දිය යුතුය.

එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී සිය අසුන ජනපතිට ලබාදීමට තිබෙන අකමැත්ත මත ජනපතිවරයාට කතානායක ළඟ පුටුවක් දමා අසුන් ගැනීමට ඉඩ සලස්වන ලෙස යෝජනා කොට තිබේ.

ඔහු මෙම යෝජනාව කර තිබෙන්නේ එවකට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානම ධූරයක් දැරූ ජේෂ්ඨ අමාත්‍යවරයෙකුටය.

එහෙත් පාලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව අකමැත්තෙන් වූවද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිය ආසනය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිදුව තිබේ.

Rate this item
(0 votes)