April 25, 2024

නාමල් රාජපක්ෂට එරෙහි " ගවර්ස් " නඩුව කල් යයි .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් 2013 ඔක්තෝම්බර් මස 1 සිට 2014 අගෝස්තු 31 අතර කාලයේදී අයුතු ලෙස උපයාගත් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමැති සමාගමක යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහිව මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කරනු ලැබ තිබුණි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගවර්ස් කෝපරේට් සමාගම එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ ඉන්දික ප්‍රභාත් කරුණාජීව , සුජානි බෝගොල්ලාගම , ඉරේෂා සිල්වා , නිත්‍යා සේනානි සමරනායක යන නීතිපතිවරයා ලෙසින් නම් කර තිබුනි.

නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීන්දු කර තිබුණි .මෙම නඩුවේ තුන්වන විත්තිකාරිය වන සුජානි බෝගොල්ලාගම යන අය අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටිය අතර අනෙක් සැකකරුවන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියා.

නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජුනි මස 22 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඊයේ නියෝග කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 January 2021 10:27