April 16, 2024

ශ‍්‍රී ලංකාවට සම්බාධක දැමීමට රුසියාව, චීනය හා කියුබාව එරෙහි වෙයි

ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමට කර ඇති නිර්දේශවලට රුසියාව, චීනය, කියුබාව යන රටවල් එරෙහි වී ඇත. මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ මෙම සම්බාධක පැනවීමට නිර්දේශ කර තිබේ.

එම සම්බාධක පැනවීම සඳහා මානව හිමිකම් කවුන්සිලය තුළ ඡන්ද විමසීමක්ද පැවැත්වෙන බව කීර්ති වර්ණකුල මහතා දිවයින වෙනුවෙන් වාර්තා කොට තිබුණි .
මේ අතර මානවහිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසූවේ කොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාවට යොමු කර ඇති නිර්දේශ ඉටු කිරීමට ශ‍්‍රී ලංකාවට බැඳී නැති බවත් සදහන් .

එසේම ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය වෙත යොමු කළහොත් ඊට එරෙහිව නිශේධ බලය යෙදවීමටද රුසියාව හා චීනය එකග වනු ඇති බවත් ඔහු වාර්තා කොට තිබුණි

Rate this item
(2 votes)