April 20, 2024

රාජපක්ෂලාගේ සහ හිතවතුන්ගේ නඩු යට ගැසීමේ වෑයමක් - ටිල්වින් කියයි .( වීඩියෝ )

දේශපාලන පලිගැනීම් විමර්ශනය සඳහා පත් කළ කොමිසමෙහි වාර්තාව මේ වන විට ජනාධිපතිවරයාට ලබා දී ඇති අතර ජනාධිපතිවරයා විසින් මෙම කොමිසමෙහි අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බවත්, මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම   වෙනුවෙන් තවත් කොමිසමක් පත් කිරීමට උත්සාහ ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ටිල්වින් සිල්වා මහතා අනාවරණය කර සිටියා . 

තව දුරටත් අදහස් දැක් වූ ටිල්වින් සිල්වා මහතා  ,මෙම කොමිසම මගින් නඩු 70 කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉවත්කර ගැනීමට නිර්දේශ කරන බවත් එම නඩු මේ වන විටත් උසාවියේ හි විභාග වෙමින් පවතින ඒවා ලෙසත්ය.

ඔහු චෝදනා කර සිටින්නේ මෙමගින් රාජපක්ෂවරුන්ට ඇති නඩු සහ ඔවුන්ගේ හිතවතුන් ට ඇති නඩු සියල්ල නිදහස් කර ගැනීම සඳහා කටයුතු කරනු ඇති බවයි.

තවද කොමිසම මගින් මෙම නඩු පැවරූ පුද්ගලයන්ට එරෙහිව නැවත නඩු දැමීමට නිර්දේශ කර ඇති අතර සමහර පුද්ගලයන්ට රැකියා අවස්ථා පවා දිය යුතු බව පෙන්වා දී තිබෙනවා. කොමිසමක් මලින් එවැනි නිර්දේශ ලබා දෙන්නේ කුමන පදනමකින් ද යන වග ඔහු ප්‍රශ්න කර සිටියා . 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 January 2021 05:30