නීතිඥ සංගමයේ මීළඟ සභාපතිවරයා තමා බවත් එය වැලැක්වීමට කිසිවකුටත් නොහැකි බව නීතිඥ සංගම් නිලවරණයේ ප්‍රධාන අපේක්ෂක ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා ප්‍රකාශ කරයි.
තමන්ට එරෙහිව මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවද පෙන්වා දෙන සොයිසා මහතා තමන් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ මහින්ද රාජපක්ෂගේ මිනිහෙක් නොවන බව ද අවධාරණය කරයි.
එහෙත් තමාගේ ප්‍රතිවාදී අපේක්ෂකයා විවිධ දේශපාලන කඳවුරු නියෝජනය කරන බව ද සොයිසා මහතා සඳහන් කරයි.
තමා නීතිඥ සංගම් නිලවරණයට ඉදිරිපත් වන්නේ බහුතරයකගේ කැමැත්ත මත බව සොයිසා මහතා පෙන්වා දෙයි.
සොයිසා මහතා මෙම අදහස් පළ කළේ යූටියුබ් චැනලයක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.