April 20, 2024

ශ්‍රී ලංකාවේ රුධිර පරිත්‍යාගශීලින්ට ෆේස්බුක් ආයතනයෙන් නවතම පහසුකමක් ලබාදෙයි

ශ්‍රී ලංකාවේ සිටින රුධිර පරිත්‍යාගශීලින්ට නවතම පහසුකමක් ලබා දීමට ෆේස්බුක් ආයතනය විසින් කටයුතු කර තිබේ.

ෆේස්බුක් සමාගමේ මෙරට ප්‍රතිපත්ති වැඩසටහන් කළමනාකරු යසස් විශුද්ධි අබේවික්‍රම මහතා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර ඇති අතර හෙට (26) දිනයේ සිට ක්‍රියාත්මක වන බව සඳහන් වෙයි.

මෙම පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ රුධිරය අවශ්‍යතා ඇති අවස්ථාවක ෆේස්බුක් ආයතන විසින් පණිවිඩ සේවාවක් ලෙස ක්‍රියාත්මක වනු ලබයි.

මෙහිදී මෙම සේවාව හා ලියාපදිංචිව සිටින රෝහල් හෝ රුධිර පාරවිලයන මධ්‍යස්ථාන මඟින් ලේ අවශ්‍යතාවයක් ඇති බවට මෙම ෆේස්බුක් සේවාවට දැනුම් දුන් විට එම සේවාව මඟින් ඔබගේ ෆේස්බුක් ගිනුම වෙත එය පණිවිඩයක් මඟින් දැනුම් දෙනු ලැබේ.

මෙම සේවාවට ලියාපදිංචි වීම සඳහා ෆේස්බුක් ආයතනය ඉඩ ලබා දී ඇත්තේ අවු.18 - 65ත් අතර පුද්ගලයින්ට වේ. මෙහිදී සාමාන්‍ය රුධිර පරිත්‍යාග කිරීමකදී ඔබෙන් විමසනු ලබන කරුණු වන වයස, සෞඛ්‍ය සහ ලිංගික ඉතිහාසය පිළිබඳව සහ අනිත් කරුණු ද මෙම සේවාව මඟින් විමසා බලන අතර ඒවා සුදුසුකම් ලෙස සම්පුර්ණ වුවහොත් ඔබට මෙම සේවාව ක්‍රියාත්මක කරගත හැකියාව ලැබෙනු ඇත.

මෙහිදී ෆේස්බුක් ආයතන විසින් කිසිම අවස්ථාවක රුධිර පරිත්‍යාග කරන සංවිධානයක් හෝ රුධිර පරිත්‍යාග ලබා ගන්නා ආයතනයක් නොවන බවද ෆේස්බුක් ආයතන විසින් දන්වා තිබේ.

එමෙන්ම ඔබ මෙම සේවාව පිළිබඳව සතුටු නොවන්නේ නම් එය ඉවත් වීමටද හැකියාව ලබා දී තිබේ.

මෙහිදී රෝහල් සහ රුධිර බැංකු සඳහා ද මෙම සේවාවේ ලියාපදිංචි වීමේ වෙනම ක්‍රියාවලියක් ඇති බවට සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව මෙම පහසුකම හිමි වූ ලෝකයේ 29 වැනි රට වන අතර මේ වන විටත් මෙම සේවාව සමඟ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය,කරන බව සඳහන් වන අතර රටපුරා විහිදී ඇති රුධිර බැංකු 24ක් මෙම නව විශේෂාංගය සමග එක් කොට ඇති බවත් වාර්තා වෙයි.

Rate this item
(1 Vote)