April 25, 2024

"ජාතික සංවිධායකකම මට එපා" - නවීන් රනිල්ට ලිපියක් යවයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එම තනතුර වෙනත් සුදුසු කෙනෙකුට ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඒ මහතා මේ බව දැනුම් දී තිබේ.

ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වුවත් එම පක්ෂයේ නුවර එළිය දිස්ත්‍රික් නායක සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය තවදුරටත් දරන බව ඔහු එහි සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට වෙනත් සුදුසු පුද්ගලයෙකුට ලබාදීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවද ඔහු මෙහි සඳහන් කර තිබේ.

එම ලිපිය පහතින්,

No description available.
Rate this item
(0 votes)